ලෙනගල මහා විද්‍යාලය වෙත සාදරයෙන් පිළිගනිමු
කෑගලු දිස්ත්‍රික්කයේ බෙලිගල් කෝරලේ රමණිය ප්‍රදේශයක් වූ ලෙනගල ග්‍රාමයේ ලෙනගල රජමහා විහාරය අසල දර්ශනීය කඳු මුදුනක් මත නිසංසල පරිසරයක ලෙනගල මහා විද්‍යාලය පිහිටා ඇත. සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයත් පාසලක් වන මෙය කෑගල්ල අධ්‍යාපන කලාපයට හා දැදිගම අධ්‍යාපන කොට්ඨාශයට අයත් වේ. පාසලට පැමිණෙන අයෙකුට වරකාපොල අගුරුවැල්ල පාරේ ගලපිටමඩ මංසන්දියෙන් හැරී කිවුල්දෙනිය හරහා කිලෝමීටර් 5 ක් පමණ යා යුතුය
මෙම විද්‍යාලය ආධාර ලබන පන්සල් පාසලක් වශයෙන් 1936 නොවැම්බර් මස 01 වන දින ලෙනගල රජමහා විහාරස්ථ ධර්මශාලාවේදී ආරම්භ කරන ලදී. ලෙනගල, මයින්නොලුව, පැල්පිට, පරදෙනිය, දික්වාන යන ගම්වාසීන්ගේ ආධාර ඇතිව මෙම විදුහල ආරම්භ කිරීමට ලෙනගල රජමහා විහාරාධිපතිව වැඩ විසු, වෙරකේ සිරිනිවාස ස්වාමින්වහන්සේද, තැලිගම සරණතිස්ස ස්වාමින්වහන්සේද පුරෝගාමීව ක්‍රියා කළහ.
ලෙනගල මහා විද්‍යාලයේ පළමුවන විදුහල්පති වුයේ සුප්‍රසිද්ධ කවියෙකු වූ හාතාගොඩ අභයවර්ධන මහතය. ආරම්භයේදී ශිෂ්‍ය සංඛ්‍යාව 34 ක් විය. වර්ෂ කීපයක් ගතවන විට ක්‍රමයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය 1945 ඔක්තෝම්බර් 01 වන දින රජයට පවරාගන්නා ලදී.
ක්‍රමයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවීමත් සමගම ලෙනගල රජමහා විහාරයේ ධර්මශාලාවේ ඉඩ ප්‍රමාණවත් නොවීය. ලෙනගල රජමහා විහාරය අසල පිහිට ඇති මනරම් කඳුගැටයක් මත පිහිටි කේ. ඩී . පී . ප්‍රේරා මහතාට අයත් අක්කර දෙකක පමණ භූමි භාගය 1950 ඔක්තෝම්බර් 04 වන දින රජයට පවරාගෙන, පාසල වෙනුවෙන් ඉදිකළ ස්ථිර ගොඩනැගිල්ල 1954 අගෝස්තු මස 08 වන දින විවෘත කරනු ලැබුවේ දිවංගත ගරු ඩඩ්ලි සේනානායක මහතා විසින් ය.
වර්ෂ 1959 ඔක්තෝම්බර් 02 දින විදුහල්පතිවරයෙකු වශයෙන් පත්ව ආ ජී. ආර්. රෝබෝසිඤ්ඤො මහතාගේ හා පාසල් සංවර්ධන සමිතියේ බලවත් උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් වර්ෂ 1964 මාර්තු මස 01 වන දින සිට මහා විද්‍යාලයක් ලෙස උසස් කරන ලදී
පාඩම් සඳහා පිවිසීමට ඉහල "Log in" මත Click කරන්න. දැනටමත් ගිණුමක් සාදා ඇත්නම් "User Name" "Password" ලබා දී ගිණුමට ඇතුළුවන්න. දැනට ගිණුමක් නොමැතිනම් "Create New Account" මත Click කර නව ගිණුමක් සාදා ගන්න.